spot_img
spot_imgspot_img

කිරි මුදවීම නතර කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි

පුවත්

විදෙස්

මෙරට කිරි නිෂ්පාදනය පහළ ගොස් ඇති බැවින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය හා මිල්‍කෝ ආයනය මුදවන ලද කිරි නිපදවීම නවතා දැමූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

දියර කිරි, පිටි කිරි සහ අනිකුත් කිරි නිෂ්පාදන සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරන බව ද හෙතෙම පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ කිරි නිෂ්පාදන ආනයනය කිරීම ද සීමා කර ඇති බැවින් මෙවැනි තීරණයක් ගැනීමට සිදුව ඇති බවයි.

ඔහු පවසන්නේ මේ වනවිට දියර කිරි නිෂ්පාදනය 34%කින් පහළ වැටී ඇති බවකි. අමාත්‍යවරයා පවසන්නේ කිරි මිදවීම ගෘහ කර්මාන්තයක් ලෙස ද පවතින බැවින් අවශ්‍යතරම් මුදවපු කිරි වෙළෙඳ පොළට ලැබෙන බැවින් අනිකුත් නිෂ්පාදනවල හිඟය වළක්වාගැනීම සඳහා මේ තීරණය ගත් බව ද අමාත්‍ය අමරවීර පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!