සංවිධානාත්මක අපරාධ කල්ලි මර්ධනය කිරීම සඳහා අද (27) සිට විශේෂ පොලිස් මොහෙයුම් ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
පසුගිය සති කිහිපයේ දී රටේ විවිධ ප්‍රදේශවල ඝාතන රැසක් වාර්තා වූ අතර ගෘහස්ථ හිංසනය සහ අසල්වැසියන් හෝ මිතුරන් අතර ඇති වූ ආරවුල්වල දී සිදුවූ ඝාතන කිහිපයක් හැරුණු විට වෙඩි තැබීම් සහ කපා කොටා ඝාතනය කිරීම් රැසක් සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියා බව අනාවරණ්‍ය වී තිබිණි.
මේ අපරාධ මැඩලීම සම්බන්ධයෙන් අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධාත්වයෙන්, පොලිස්පතිවරයා, බස්නාහිර සහ දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, ත්‍රස්ත විමර්ශන ඒකකය, අපරපාධ පරීඛ්සණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය යන අංශවල ප්‍රධානින් අතර සාකච්ඡාවක් පැවැත්විණි.
එම සාකච්ඡාවේ දී තීරණය කර ඇත්තේ අද (27) සිට සංවිධානාත්මක අපරාධ කල්ලි මර්ධනය කිරීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කිරීමටයි.