spot_img
spot_imgspot_img

මන්නයකින් කොට, ගිනි තබා පුද්ගලයකු ඝාතනය කළා යැයි සැකපිට කාන්තාවක අත්අඩංගුවට

පුවත්

විදෙස්

කාන්තාවක විසින් පවත්වාගෙන යන වෙළෙඳ සැළකට ඊයේ (25) ඇතුළු වී ආරවුලක් ඇතිකරගත් පුද්ගලයකු එම වෙළෙඳ සැළ හිමි කාන්තාව විසින් ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

බිබිල, නාගල ප්‍රදේශයේ වෙළෙඳ සැළක මෙය සිදුව ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ නාගල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකි. එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට වෙළෙඳ සැළ හිමි කාන්තාව අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ ඊයේ (25) සවස මියගිය පුද්ගලයා වෙළෙඳ සැළට පැමිණ කාන්තාව සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබෙන බවයි. එහි දී ඔවුන් දෙදෙනා අතර පොරබැදීමක්  සිදුව ඇති බවත් කාන්තාව එම පුද්ගලලයාට මන්නයකින් පහර දී ඇති බවත් අනාවරණය වී ඇත. අනතුරුව වෙළෙඳ සැලේ තිබූ පෙට්‍රල් බෝතලයක් ඔහුගේ සිරුරට වත්කර ගිනි තබා තිබූ බව ද පොලිසිය කියයි.

මියගිය පුද්ගලයාගේ සිරුර මහියංගණය රෝහලට ගෙනගොස් ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් බිබිල පොලිසියය විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!