පාසල් සිසුන් අපයෝජනය කළ බවට චෝදනා එල්ල වී සිටින රත්නපුර නගරයේ ප්‍රධාන බාලක පාසලක විදුහල්පතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔහු විිසින් සිදුකරන ලිංගික අපයෝජන පිළිබඳ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව විශේෂ විමර්ශනයක් සිදුකර ඇති අතර ඉන් පසු ඔහු අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ළමා ආරක්ෂණ අධිකාරිය පවසන්නේ චෝදනා ලබා සිටින විදුහල්පතිවරයා ඉතාමත් දීර්ඝ කාලයක සිට ළමයින් සිය නිල නිවස වෙත ගෙන්වාගෙන මුදල් සහ ත්‍යාග ලබා දෙමින් ඔවුන් ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි.