spot_img
spot_imgspot_img

චීන පොහොර නැවට ගෙවූ ඩොලර් ලක්ෂ 69 ම වතුරේ

පුවත්

විදෙස්

චීනයෙන් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියකින් තොර පොහොර නැව සඳහා ගෙවන ලද ඩොලර් ලක්ෂ 69ක මුදල නැවත ආපසු ලබාගත නොහැකියැයි කෘසිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිිතුරු දෙමිනි.

අමාත්‍යවරයා පවසන්නේ චීන නැවට ඩොලර් ලක්ෂ 69ක් ගෙවූ බවයි. ඒ සල්ලිත් පොහොරත් දෙකම අහිමි වූ බවත්, මේ ගැටලුව විසඳිය නොහැකි ප්‍රශ්නයක් බවත් හෙතෙම කීවේය. ඇමතිවරයා පවසන්නේ එම මුදල් ආපසු ලබාගැනීමට තමන් උත්සාහ ගතත්ත ද එය අසාර්ථක වූ බවයි. එමගින් රටට පාඩුවක් වූ බව ද හෙතෙම කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!