අධික සුළං තත්වයත් සමඟ පසුගිය ජූලි 02 වැනි දා මුහුදේ උදම් රළට හසු වී අනතුරට පත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු අද (20) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගොස් ඇතැයි ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය, පිංහේන පදිංචි තුඩුහේනගේ චමෝද් රුවන් ගීත් නමැති 21 හැවිරිදි තරුණයෙකි. රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසර ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව හදාරමින් සිටි සිටි ඔහු තවත් සිසුන් 17 දෙනකු සමඟ ගන්දර, තලල්ලේ, සීත ගඟුල නම් ස්වභාවික මුහුදු තටාකයක් වැනි ස්ථානයක දිය නෑමට ගොස් සිටිය දී අනතුරට ලක්ව ඇත.
එදින මුහුදු රළ උස්ව නැගෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පවා අනතුරු අඟවා තිබිය දී මෙම සිසු පිරිස එහි ගොස් තිබිණි. මීටර කිහියක් උසට නැඟ ආ රළ පහරට හසුව සිසුන් කිහිප දෙනකු ගසාගෙන ගොස් අනතුරට ලක්වූ අතර චමෝද් ගීත් රුවන් ද අනතුරට ලක්ව මාතර රෝහලට ඇතුළත් කර එදින ම කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබිණි.
කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි චමෝද් සිහිය ලැබුව ද ඔහු ප්‍රකෘත්ති තත්වයට පත්වූයේ නැත. පුරා මාසයකුත් දින 18කට පසු අද (20) අළුයම 3.00ට පමණ ඔහු මියගියේ.
චමෝද්ගේ දේහය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න විසින් සිදුකිරීමට නියමිතව තිබිණනි.
මියගිය චමෝද් සමඟ මුහුදේ නෑමට ගොස් අතුරුදන් වූ අනෙක් සිසුවාගේ සිරුර මෙ