පුද්ගලයන් 21 දෙනකු රැගෙන ගමන්කරමින් තිබූ ට්රැක්ටරයක් අද (20) උදෑසන පෙරැළී කාන්තාවන් තිදෙනකු මියගොස් තවත් පිරිසක් බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
මෙම අනතුර සිදුව ඇත්තේ මුතූර් පච්චනූර් ප්රදේශයේ දී ය.
පොලිසිය පවසන්නේ මුතූර්, කොට්යාරම්මූල රජමහා විහාරයේ පැවැති ශ්රමදානයකට සහභාගී වීම සඳහා මෙම පිරිස ට්රැක්ටරයේ නැගී ගමන් කරමින් සිටි බවයි.
තුවාල ලැබූ පිරිස මුතූර් රෝහලට ඇතුළත් කර සිටිති. මියගිය පුද්ගලයන් සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද මුතූර් රෝහලේ දී සිදුකිරීමට නියමිතය.