කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 34,940ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,157ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 65 කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,975ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 483.4
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 483.1
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම රුපියල් මිලියන 295
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 16
- රේණුක ඇග්රි සමාගම කොටස් මිලියන 14
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම කොටස් මිලියන 12
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- බේරුවල රිසෝට් සමාගම 27%
- පාර්ම් ගාර්ඩ්න් හෝටල් සමාගම 27%
- ඊඩ්න් හෝටල් සමාගම 24%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම කොටස් මිලියන 02 රුපියල් 25.20 බැගින්
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් 310,000ක් රුපියල් 128.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 423
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 279
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 176
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 89ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 48 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 41ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 40
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 18
- බොගවන්තලාව වැවිලි සමාම රුපියල් මිලියන 04
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- හේලීස් එම්ජීටී සමාගම රුපියල් මිලියන 15
- සිලෝන් ගාර්ඩියන් සමාගම රුපියල් මිලියන 10
- ඊඑම්එල් කන්සල්ටන් සමාගම රුපයල් මිලියන 04
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ