මියගිය ගෝනුන් රැසකගේ මළ සිරුරු අඹේවෙළ ජලාශයේ පාවෙමින් තිබෙන බව එහි මසුන් ඇල්ලීමට යන ධීවරයෝ කියති.
ඔවුන් පවසන්නේ ගෝනුන් දස දෙනකු පමණ මෙලෙස සතියකට මිය යන බවයි.
හෝර්ටන් තැන්න රක්ෂිතයේ සැරසරන ගෝනුන් මෙලෙස මියයන්නට ඇති බවත් කුඩා පැටවුන් සේම හොඳින් වැඩුණු විශාල අං තට්ටු සහිත ගෝනුන්ගේ මළ සිරුරු ද දැකිය හැකි බව ඔවුහු කීහ.
මෙලෙස ගෝනුන් මියයාමට හේතුවක් නිශ්චිතව සඳහන් කළ නොහැක. නමුත් ධීවර ප්රජාව පවසන්නේ එම ප්රදේශයේ දඩයමේ යෙදෙන පුද්ගලයන් විසින් දඩයම් සඳහා පුහුණු කරන ලද බල්ලන් රැසක් මේ වනවිට හෝර්ටන් තැන්න රක්ෂිතයේ අඹේවෙළ ජලාශය අවට සැරිසරන බවයි. එම බල්ලන් විසින් මේ ගෝනුන් සපා කෑම ඔවුන්ගේ මරණයට හේතුවක් විය හැකියැයි ද ධීවරයන්ගේ අදහස වී තිබේ.
ගොනුන් විශාල පිරිසකගේ මළ සිරුරු ජලාශයේ පාවෙමින් තිබෙන බැවින් මේ වනවිට අධික දුර්ගන්ධයක් වහනය වන බව ද වාර්තා වේ. වැලිමඩ, රේන්දපොළ සහ තලවාකැලේ ප්රදේශවලට පානීය ජලය සැපයීමට ද යොදා ගනී.