ජනතා අරගලයකින් බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශ රටවල රැඳී සිටිමින් කරන වියදම් කිසිවකට රජයේ මුදල් ලබා දී නැතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.
මොහාන් සමරනායක පවසන්නේ ඊයේ (16) පැවැති අමාත්‍ය මණ්ඩල තිරණ දැනුම් දීමේ සාකච්ඡාවේ දී මාධ්‍යවේදීන් මේ පිළිබඳ විමසූ විට අමාත්‍ය බන්දුල ගුණවර්ධන හිටපු සහ වර්තමාන ජනාධිපතිවරයාට ඇතැම් වරප්‍රසාද හිමිවන බවට කී කතාව වැරදි ලෙස මාධ්‍ය වාර්තා කර ඇති බවයි.
හිටපු ජනාධිතිවරුන්ට වරප්‍රසාද කිහිපයක් හිමිව ඇතත් විදේශ සංචාර සඳහා රජයේ මුදල් වියදම් කරන්නේ නැතැයි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවත් ඔහු විදේශ රටවල දී වැය කරන්නේ තම පුද්ගලික මුදල් යැයි අවධාරණ්‍ය කර ඇති බවත් මොහාන් සමරනායක නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.