ගාල්ලේ පාසල් කිහිපයක පිරිමි ළමයින් රවටාගෙන ඔවුන් අපයෝජනයට ලක්කළ බවට සැකපිට රිමාන්ඩ් ගතකර සිටින උණවටුනේ දේවාලයක කපුවාගේ දේපොළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශන ආරම්භ කර තිබේ.
කීර්ති කුමාර බටගොඩ නමැති මොහු ඉතා කෙටි කාලයක දී ප්‍රකෝටිපතියකු වී ඇති බව ළමා අපයෝජන සිද්ධියත් සමඟ හෙළිදරව් වී ඇත.
මෙම පුද්ගලයා සතුව ඩිෆෙන්ඩර් රථ දෙකක්, ප්‍රාඩෝ රථයක්, බීඑම්ඩබ්ලිව් මෝටර් රථ දෙකක් ඇති බව දැනට අනාවරණය වී ඇත. මීට අමතරව නිදන ඇඳන්, නාන කාමර සහිත අධි සුඛෝපභෝගී බස් රථයක් ඇතුළු මිල අධික වාහන තවත් කිහිපයක් ද ඇති බව අනාවරණය වී ඇත.
ගාල්ලේ සහ කොළඹ නිවාස කිහිපයක්, නිවාඩු නිකේතන ආදී දේපළ ද ඔහු සතු බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මොහු නිතරම තම සිරුරේ රුපියල් කෝටි ගණනක් වටිනා රත්තරන් ආභරණ ඇඟලා සිටි බව ද අපරාධ විමර්ශන අංශය පවසයි.
මීට අමරතව ඔයු විවිධ ප්‍රභූන්ට, පොලිස් නිලධාරීන්, දේශපාලකයන්ට, හිත මිතුරන්ට සහ දරුවන්ට ද මුදල් සහ තෑගි විශාල වශයෙන් ලබාදෙන බවත් ප්‍රදේශයේ විහාරස්ථාන සහ පන්සල් සමඟ ද සම්බන්ධතා පවත්වන මොහු කෝටි ගණනක් වියදම් කරමින් වාර්ෂික පෙරහැරක් පවා පවත්වන බව අනාවරණය වී තිබේ.
ඔහු මෙතරම් ධනයක් නීත්‍යානුකූල ක්‍රමයෙන් උපයාගෙන ඇත්දැයි සොයා බැලිලය යුතු බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.. ඒ අනුව ඉදිරියේ දී අධිකරණයට කරුණු වාර්තා කරමින් ඔහුගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වේ.
මේ සම්බන්ධයෙන් කීර්ති කුමාර බටගොඩ සතු බැංකු ගිණුම් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.