කැරිකා පැපායා (Carica papaya) යන උද්භිද විද්‍යාත්මක නාමයේන හඳුන්වනු ලන පැපොල් ශාකය කැරිකේසියේ කුලයට අයත්වේ. සියලු ම නිවර්තන රටවල වගා කරනු ලබන මෙම තත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව ඇත.
වසර පුරාම ඵල හටගනී. ඉතාමත් පහසුවෙන් වගාකළ හැකිවීමත්, ඉක්මණින් හා නිරන්තරව ආදායම් ලබාගත හැකි වීමත් නිසා බෝගය අතිශය ජනප්‍රිය වගාවක් බවට පත්ව ඇත.
පැපොල් සඳහා සැලකිය යුතු අපනයන විභවයක්ද ඇත. එහෙත් අන්තර් හා වියළි කලාපයේ ඉතා සාර්ථකව වගා කළ හැකි වුවද තෙත් කලාපයේ වගා කිරීමේදී වයිරස් රෝගයට පාත්‍ර වීමේ අවදානම වැඩිය. එම වයිරස් රෝග, මොනවාදැයි හඳුනා ගැනීම මෙහිදී කළ යුතු වන්නේ පාලනය සඳහා ගසේ සිට සෙන්ටිමීටර් 30 ක් පමණ දුරින් බෝරැක්ස් තුඩු ග්‍රෑම් 10 බැගින් පසේ තෙතමනය ඇති අවස්ථාවේදී පසට යෙදීම සහ කාබනික පොහොර යෙදීම සුදුසු වේ.
මුල් කුණුවීම
දිලීර සහ බැක්ටීරියා නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. තවාන් පැළවලට රෝගය ඇති වූ විට මුළු පැළයම මැරේ. වගාවේ මුල් අවස්ථාවේදී බහුලට ඇතිවේ. එම නිසා වැලි යොදා ගැනීම සුදුසුයි වැඩුණු ගස්වල වයස්ගත පත්‍ර කහ පාටවී කඩා වැටේ. පසුව සෙසු පත්‍ර ද ක්‍රමයෙන් මැලවී යයි. මුල් තුණුවීමක් දැක ගත හැක. අවසානයේදී ගස් මැරි යයි.
ඉඩමේ ජලවහන තත්ත්වය දියුණු කිරීම. උස් බිම්වල වගා කිරීම, වල් මර්ධනය. පොහොර යෙදීම වැනි කටයුතුවල දී මුල්වලට හානි නොවීමට වගබලා ගැනීම වගාව තුළ රෝගය පැතිරයෑමේ අවධානමක් පවතින විට දිලීර නාශකයක් ගස් වටා පොළව තෙමෙන සේ යෙදීම සුදුසුය.
මුදු ආකාර පුල්ලි වයිරස් රෝගය
ළපටි දළුවල කහ පැල්ලම් ඇතිවේ. පසුව පත්‍ර රැළි වැටීම, පත්‍ර පළල අඩු වීම සහ පත්‍ර නාරටි පමණක් ඉතිරිවීම සිදු වේ. කඳේ හා පත්‍ර නටුවල තෙත පුල්ලි හටගනී. රෝගී පත්‍ර හැලී යයි. රෝගී ගස්වල කිරි එම ගසේ ගෙඩි මත වැටීමෙන් මුදු ආකාර පුල්ලි ඇති වේ. තවද ඵල ඉදීම අක්‍රමවත් වන අතර මදය ලා හපාට වීමට සහ රසය අඩුවීම සිදුවේ.
ඇන්ත්‍රැක්නෝස් රෝගය
මෙම රෝගය කොලෙට්‍රොට්‍රිකම් විශේෂයට අයත් දිලීර නිසා ඇති වේ. මේරිමට ආසන්න ගෙඩි වල තරමක ලිලුණු ස්වභාවයක් ඇති කවාකාර දුඹුරු පුල්ලි ඇති වේ. ගෙඩි ඉදීමත් සමග මෙම ස්ථාන කළුපාට වේ. පසුව එම ස්ථාන මත සුදු පැහැති දිලීරය හා රෝස පැහැති බීජාණු සමූහයක් දැකිය හැකිය. දිලීරය නිසා ගෙඩියේ මදය කුණුවේ. තඹ අඩංගු දිලීර් නාශකයක් ටීපොල් සමඟ මිශ්‍ර කර යෙදීම පළ නෙලීමේ දී හා ප්‍රවාහනයේ දී අවම හානියක් ගෙඩි වලට සිදුවන සේ කටයුතු කිරීම සහ වාතාශ්‍රය ඇති වියළි තැනක ගෙඩි ගබඩා කිරීම රෝග මර්දනයේදී වැදගත් වේ.
පැපොල් ගැට රෝගය
සින්ක් හා බෝරෝන් ඌනතා නිසා ඇතිවන තත්ත්වයකි. කුඩා ගස්වල පත්‍ර කහපාට වේ. අග්‍රස්ථයේ ඇති පත්‍ර කුරුවේ. පැපොල් ගෙඩි මත ගැටී වැනි නෙරුම් හටගනී. ගෙඩිය ඝනකම් ස්වභාවයක් ඇතිවීම බීජ හොඳින් වර්ධනය නොවීම අසමාකාර ලෙස ඉදීම, සීනි ප්‍රමාණයේ අඩුවීම ගෙඩිය මතුපිටින් කිරි වෑස්සීම ආදී ලක්ෂණ පෙන්නුම් කරයි.
මැටි හා හුණු ප්‍රමාණය අධික පස්වල මෙන්ම වර්ෂාපතනය අධික ජලවහනය දුර්වල ස්ථානවල සිටුවා ඇති ගස්වල යනමෝ තත්ත්වය ඇති වේ. හොදින් දිරාපත් වූ කුකුළු පොහොර පැපොල් වගාවට යෙදීමෙන් බෝරෝන් මුලද්‍රවය පසට ලබා ගැනීම සහසු වේ. රෝගය පැතිරීම කූඩිත්තන් විශේෂ ගණනාවක් මගින් සිදුවේ. ඊට අමතරව යුෂ මගින් රෝගය පැතිසරක අතර බීජ මඟින් සැකිරිමක් නැත. රෝගී ගස් ගලවා දැමීම සහ කිරි කපන උපකරණ ජීවාණුහරණය පිරීම මගින් රෝගය මර්දනය කළ හැක.
මීට අමතරව රෙඩ් ලේඩි වර්ගයේ පැපොල් පැළවල පත්‍රවල වෛරත් ආකාරයේ ලක්ෂණ බහුලව දැකිය හැකි වුවත් මෙය පහසු ක්‍රමයෙන් ඉවත්වී යයි.
කෘමි හානි
මයිටාවන්
ලපටි පත්‍රවල යට පැත්තේ. වාසය කරන අතර යුෂ උරාබීම නිසා ලා කහපාට පත්‍ර විකෘති පෙනුමක් ඇති කරයි. ගසේ වර්ධනය අඩුවන අතර දළු පිළිස්සීම සිදුවේ.
නෙමටෝඩාවන්
මුල්වල යැටිති (Root Knot) සෑදීම සිදු කරයි. ගසේ වර්ධනය දුර්වල වන අතර ඵල හට ගැනීම අඩු කරයි මුල් මැරීම නිසා පසුව අප ඇද වැටීමක් සිදුවිය හැක.
කූඩිත්තන්
පත්‍ර විචිත්‍ර වෛරස් රෝගය සහ මුදු ආකාර පුල්ලි වෛරස් රෝගයේ වාහකයා ලෙස ක්‍රියා කරයි.
පෝෂක ඌනතා ලක්ෂණ
- නයිට්‍රජන් උනතාවය – පුත්‍ර කහපාට වීම, පත්‍ර කුඩාවීම, වර්ධනය අඩුවීම, ඵල හට නොගැලීම, ඵල කුඩා වීම ආදී ලක්ෂණ පෙන්නුම් කරයි.
- පොස්පරස් ඌනතාවය – ආහාර සංස්ලේෂණය හා පරිවර්තන ක්‍රියාවලිය අඩු කරයි අඩු වර්ධනය තද කොළ පත්‍ර ඵල කලින් ඉදීම සිදුවේ.
- පොටෑසියම් ඌනතාව – පහළ පත්‍ර කගවිය. සත්‍ර දුඹුරුවී වියළී යෑම, ගසේ වර්ධනය අඩුවීම පිදුවේ.
- මැග්නීසියම් ඌනතාව – අන්තර් නාරටි රිත ක්ෂ්‍ය වීම ඇතිවේ. පත්‍ර තුඩාවීම කුරුවීම ඵල හට නොගැනීම.
- යකඩ ඌනතාව – කැල්සියම් අධික පසේද යකට උනෙකාචය ඇතිවේ.
- කොපර් ඌනතාව – යකඩ ඌනතා ලක්ෂණම ඇති වේ.
- සින්ක් ඌනතාව – වර්ධක හෝමෝන් වන ඔක්සීන් සෑදීම අඩු නිසා දලු මර්දනයවීම කහ විචිත්‍ර පත්‍ර කුඩාවීම.
- බෝරෝන් ඌනතාව – සීනි ද්‍රව්‍ය ප්‍රමාණය අවු කරයි. පනු අන්තර් කාරයි හරිතක්ෂය ඇතිකරයි. ඵල හට ගැනීම් අඩු කරයි. ඵලවල අසමාකාර උස් වූ ගැටිති හට ගැනීම සිදුවේ.
අජිත් දේවප්‍රිය