කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (16) දිනයේ ගනුදෙනු 43,339 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 5,405ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 105කින් පහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,086ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1,544
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 665
- බ්‍රවුුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් මිලියන 459
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 52
- එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 33
- ඊඑම්එල් කන්සල්ටන්ට් සමාගම කොටස් මිලියන 21
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- නන්ද ඉන්වෙස්ට්මන්ට් සමාගම 25%
- ලංකෙම් සිලෝන් සමාගම 24%
- හුන්නස් ෆෝල්ස් හෝටල් සමාගම 21%
සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්
- හෙළ ක්ලෝතින් සමාගම කොටස් මිලියන 3.76ක් රුපියල් 13.00 බැගින්
- හුන්නස් ෆෝල්ස් හෝටල් සමාගම කොටස් මිලියන 1.36ක් රුපියල් 40.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 429
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 290
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 180
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 194ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 57 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 137ක මුදලක් කොටස් වෙළෙඳ පොළට ආයෝජනය කර තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- හුන්නස් ෆෝල්ස් හෝටල් සමාග සමාගම රුපියල් මිලියන 54
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 53
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 15
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- බයිරහා ෆාර්ම් සමාගම රුපියල් මිලියන 11
- වැලිබල් පවර් සමාගම රුපියල් මිලියන 06
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් සමාගම රුපියල් මිලියන 3.7
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ