spot_img
spot_imgspot_img

මස්කෙළිය – ශ්‍රී පාද මාර්ගය වසා දමයි

පුවත්

විදෙස්

නායයාමේ දැඩි අවාදම හේතුවෙන් මස්කෙළිය ශ්‍රී පාද නල්ලතන්නි මාර්ගය වසා දැමීට තීරණය කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් පවසන්නේ එම මාර්ගයේ මෝහිණී ඇල්ලට සහ මාවුස්සාකැලේ ජලාශයට සම්බන්ධ සීත ගඟුලට ඉහළින් දැනටමත් කඳු කොටසක් නාය ගොස් ඇති බවයි. මේ හේතුවෙන් නල්ලතන්නි මාර්ගයේ ද ගිලා බැසීමක් දක්නට ඇති බව ඔහු පෙන්වා දෙයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පිරිසක් පැමිණ කරන ලද ක්ෂේත්‍ර පරීක්ෂණයකින් පසු එම මාර්ගය තවදුරටත් වසා තබන ලෙස නිර්දේශ ලබා දී ඇත. මෙම ස්ථානයෙන් පා ගමනින් පවා ගමන් කිරීම අනතුරු දායක බව ද ආපදා කළමනාකරණ මධයස්ථානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!