දැඩි මතබේදයකට තුඩු දුන් “යුවාන් වෑන්ග් – 5” නමැති චීන නෞකාව අද (16) හම්බන්තොට වරායට පැමිණ නැංගුරම් දැමුවේය.
ඉන්දියාව සහ චීනය අතර බල අරගලයක් හේතුවෙන් මෙම නැව පැමිණීම සම්බන්ධයෙන් ලෝකයේ ම අවධානය යොමුවිය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ලබාදුන් අනුමැතිය අනුව චීන නෞකාව දැන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඉන්දියාව පවසන්නේ මේ නෞකාව ඔත්තු බැලීමේ නැවක් බවයි. චන්ද්‍රිකා තාක්ෂණය ආධාරයෙන් මෙම නැව ඔත්තු බලන බවත් සමුදුරෙහි පර්යේෂණ සිදුකරන බවත් ඉන්දියාව චෝදනා කරයි.
අද මේ නෞකාව පැමිණීමට පෙර ඊයේ (15) ඉන්දියාවෙන් පරිත්‍යාග ලෙස ලබා දුන් සමුද්‍ර ආරක්ෂක ගුවන් යානයක් ශ්‍රී ලංකා විසින් බාරගන්නා ලදී.
කෙසේ වෙතත් මෙම නෞකාව ශ්‍රී ලංකාව වෙත ළඟා වීමට නියමිතව තිබුණේ පසුගිය 11 වැනි දාය. ඉන්දියාව් විරොධතාව හමුවේ එය දින කිහිපයක් ප්‍රමාද විය.
චීනය පවසන්නේ ආහාර, ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා එම නෞකාව හම්බන්තොට වරායේ ලබන 22 වැනි දා දක්වා රැඳී සිටින බවයි.