ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය අද (15) දහවල් කටුනායක ගුවන් හමුදා කඳවුරට ළඟා විය.
ඩෝනියර් 228 වර්ගයේ මෙම යානය සමුද්‍ර නිරීක්ෂණ කටයුතු, ආපදා සහන සේවා කටයුතු සඳහා යොදා ගැනීමට හැකි අතර ඉලෙක්ට්‍රොනික යුද මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව පවතී.
මෙම යානයේ විශේෂත්වය වන්නේ කෙටි ධාවන පථයක් භාවිතා කර ගුවන් ගත වීමට හැකි අතරම හදිසි ගොඩබෑමකට ද හැකියාව තිබීමයි.
මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට බාර ගැනීමේ උත්සවය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය රජය නියෝජනය කරමින් ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් ගෝර්මඩේ , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ ද සහභාගී වූහ.
ඉන්දියාව මෙවැනි යානයක් පරිත්‍යාග කිරීම දෙරට අතර සමුද්‍ර ආරක්ෂණ සහයෝගීතාවයේ හොඳ ආරම්භයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ දිගු කලක් තිස්සේ ලංකාවට උදව් උපකාර කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවට ස්තූතිවන්ත වන බවයි.


