කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 48,184 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 6,339ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක, 321කින් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 9,027ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 1,433
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 760
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 517
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 41
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 15
- ඒෂියා සියාකා සමාගම කොටස් මිලියන 15
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- බලංගොඩ වැවිලි සමාගම 42%
- හපුගස්තැන්න වැවිලි සමාගම 35%
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 33%
සංවෘත කවය තුළ කොටස් හුවමාරු වූ සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 5.23 රුපියල් 54.00 බැගින්
- ජෝන් කිල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් 500,000 රුපියල් 128.00 බැගින්
- කහවත්ත වැවිලි සමාගම කොටස් ලක්ෂ 10ක් රුපියල් 27.00 බැගින්
අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම්
- එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 444
- එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 295
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 175
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 414ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 570 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 156ක මුදලක් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 66
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 23
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 08
විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 178
- ඒසියා සියාකා සමාගම රුපියල් මිලියන 36
- එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 719
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ