spot_img
spot_imgspot_img

ගාල්ලේ මවක්, බාලවයස්කාර දියණියගේ ඇඟ විකුණන්න කොළඹ රැගෙන යද්දී අත්අඩංගුවට. දැරියන් විකුණන ජවාරමක් හෙළි වෙයි

පුවත්

විදෙස්

තම කුසින් බිහිකළ 14 හැවිරිිදි දැරිය ලිංගික සේවා සපයන්නියක ලෙස විකිණීම සඳහා කොළඹට රැගෙන යමින් සිටි ගාල්ලේ මවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල යක්කලමුල්ලේ පදිංචි කාන්තාවකි. ඇය 34 හැවිරිදි වියේ පසු වන්නීය.

ඇය පසුගිය 10 වැනි දා ගාල්ලේ සිට මාකුඹුර දක්වා ධාවනය වන සුඛෝපභෝගී බසයකට නැග සිටිය දී මෙම කාන්තාවගේ සහ දියණියගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ හැසිරීමත්, ඔවුන්ග‍ේ දුරකථන සංවාද ගැනත් සැක සිතූ කොන්දොස්තරවරයා ඒ පිළිබඳ ගැලණිගම අධිවේගී පිවිසුමේ පොලිස් මුරපොළට දන්වා ඇත.

ගැලනිගමින් ඒ බව කොට්ටාව පොලිස් මුරපොළට දැනුම් දීමෙන් අනතුරුව කොට්ටාව පිවිසුමෙන් බස් රථය පිටවීමේ දී ඔවුන් දෙදෙනා ප්‍රශ්න කිරීම සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.

එහි දී කරන ලද පොලිස් ප්‍රශ්න කිරීම්වල දී මව විසින් දැරිය දෙහිවල ප්‍රදේශයට ගෙන ගොස් මුදලට අළෙවි කිරීමේ සැළැස්මක් පිළිිබඳ අනාවරණය වී ඇත. කාන්තාවගේ අනියම් සැමියා අතින් දැරිය අතවරයට ලක්ව ඇති බවත්, එබැවින් දැරිය ලිංගික සේවා සපයන අයකු ලෙස යොදවා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් උපයාගත් බවත් මව පාපොච්ඡාරණය කළ බව පොලිසිය කියයි.

ඔවුන්ගෙන් අනාවරණය කරගත් තොරතුර අනුව කාන්තාවගේ අනියම් සැමියා සහ දැරිය මුදලට ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටි දෙහිවල පදිංචිකරුවකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කළ බව ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ ඇගේ දියණිය හෝමාගම මහේස්ත්‍රාත් අධිිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!