ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධියට අදාලව අද (12) අධිකරණයට බාර වූ පූජක ජීවන්ත පීරිස් රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය.
ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය තහනම් කළ අධිකරණය කොළඹ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට 13 වැනි දින ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස ද නියෝග කළේය.
නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට බාර වූ පූජක ජීවන්ත පීරිස් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ඇප මත මුදා හැරියේය.
සැකකාර පූජජකවරයා වෙනුවේ ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ.