දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි එල්ටීටීඊ ප්‍රබලයකු අබුඩාබි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට බාර දී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්ත් රාසනායගම් තවතේසම් නමැති අයෙකි. ඔහු කොටි සංවිධානයේ බුද්ධි අංශ ප්‍රබලයකු මෙන්ම බේාම්බ සකස් කිරීම සම්බන්ධ විශේෂඥයකු ලෙස ද හඳුනාගෙන තිබිණි.
48 වැනි වියෙහි පසුවන ඔහු යුද්ධය අවසන්වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් පලාගිය අයෙකි. ඔහු කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පුපුරා ගිය බෝම්බ සම්බන්ධයෙන් ද අවශ්‍යව සිටි සැකකරුවකු බව පොලිසිය පවසයි.
පොලිස් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් අබුඩාබි වෙත ගොස් මෙරටට ආ ගුවන් යානයකින් විශේෂ ආරක්ෂාවක් යටතේ ඔහු ඊයේ (11) මෙරටට රැගෙන විත් තිබේ.
පොලිසිය පවසන්නේ ත්‍රස්ත විමර්ශන අංශයේ දී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිිකරණයට ඉදිරිපත් කරන බවයි.