චීනයෙන් ගෙන්වන ලද රුපියල් කෝටි ගණනක් වටිනා දුම්රිය මැදිරි 10ක් පුත්තලමේ දුම්රිය අංගනයක අතහැර දමා තිබීම සම්බන්ධයේන වහාම පරීක්ෂණයක් පවත්වන බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
එම දුම්රිය මැදිරි 2009-2010 වර්ෂවල දී චීනයෙන් මිල දී ගෙන තිබේ. මාස කිහිපයකට පෙර ඒවා පුත්තලමට ගෙනවිත් දම තිබේ. එවකට ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙපරුමගේ මැදිහත් වීමෙන් මෙවැනි දුම්රිය මැදිරි 100ක් ශ්‍රී ලකාවට ආනයනය කර ඇත.
දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ එම මැදිරි ශ්‍රී ලංකාවට ගෙන්වීමට පෙර සිට ම ඒවායේ තිරිංග පද්ධතියේ ගැටලු ඇති බැවින් ධාවනය කළ නොහැකි බවට චෝදනා තිබුණු බවයි. එම විරෝධතා නොතකා මැදිරි ආනයය කළ ද .මේ දක්වා ම ධාවනයට එක්කරගෙන ඇත්තේ ඉතාමත් සුළු සංඛයාවක් පමණි.
දුම්රිය වෘත්තීය සමිති චෝදනා කරන්නේ මෙම මැදිරි ගෙන්වා රුපියල් කෝටි ගණනක මුදල් විනාශ කර ඇති බවයි. පුත්තලටම ගෙන ගොස් දමා ඇති මැදිරි අතර දෙවැනි පන්තියේ මැදිරි දෙකක් ද ඇත. එම මැදිරි දෙක ඇතුළු පුත්තලමේ තිබෙන මැදිරි සියල්ල තවමත් හොඳ තත්වයේ පවතී,
මේ පිළිබඳ අදහස් දක්වන සමස්ත ලංකා දුම්රිය සේවක යන්ගේ පොදු සංවිධානයේ ලේකම් එස්.පී. විතානගේ මෙසේ කීවේය.
“මේ දුම්රිය මැදිරි රටේ මුදල් විනාශ කළා, දුම්රිය දෙපාර්තමේ න්තුව කිසිම ලෙසකින් දුම්රිය මැදිරිවල අඩුපාඩුවක් නැතිව තිබෙන කාලයක තමයි මේ මැදිරි ගෙන්නුවේ. මේ විදියටම ඊට පස්සේ ඉන්දියාවෙනුත් මැදිරි ගෙන්නුවා. මේ විදියට අනවශ්‍ය තරම් මැදිරි රටට ගෙන්වීමෙන් රටේ මුදල් නාස්ති කළා. ඒක දුම්රිය දෙපාර්තමේන්තුවට දැරිය නොහැකි බරක්. ලංකාවේ ධාවනය වන එන්ජින්වල ඇති තිරිංග පද්ධතියට මේ මැදිරිවල තියෙන තිරිංග පද්ධතිය ගැලපෙන්නේ නෑ. ඒ නිසා අපි වෘත්තීය සමිති හැටියට මේ මැදිරි ගෙන්වනවාට මුල සිටම විරුද්ධ වුණා. නමුත් අපේ විරෝධය නොතකා ඒවා ගෙන්වල දැන් දිරන්න දාලා තියෙනවා.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ තමන් පුත්තලමට ගොස් මේ ගැන සොයා බලන බවයි.