නවගමුව පොලිසියේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර ඇතැයි පොලිිසිය පවසයි
මෙලෙස ඝාතනය කර ඇත්තේ අවිස්සාවේල්ල කරවනැල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිසිය සඳහන් කරන්නේ ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇති වූ ආරවුලක් විභාග කිරීම සඳහා මියගිය පුද්ගලයාත් තවත් පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක් නවගමුව පොලිසියට කැඳවා තිබූ බවයි.
මියගිය තැනැත්තා එම කාන්තාව සමඟ මීට පෙර ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා තිබූ බවත් අනෙක් පුද්ගලයා දැන් ඇය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන බවත් පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්ව තිබිණි. ඔවුන් පොලිසියට කැඳවා සිටිය දී කාන්තාවගේ වත්මන් පෙම්වතා විසින් හිටපු පෙම්වතාට තියුණු ආයුධයකින් පහර දී ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා නවගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.