සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීමේ කාර්යයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිය අප්‍රසාදය පළකර තිබේ. සමගි ජන බලවේගය නියෝජනය කරන පක්ෂ නායකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ (05) පැවැති රැස්වීමක දී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
අගෝස්තු 09 වැනි දා අරගලය ජයග්‍රහණය කිරීමේ අවසන් සටනට සියලු ජනතාව කොළඹ එන්න යැයි පෙළඹවීම්න කරන සරත් ෆොන්සේකා පවසා ඇත්තේ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් ප්‍රයෝජනයක් නැති බවයි.
පවතින ගැටලුවට එය විසඳුමක් ලෙස තමා නොදකින බවත්, දූෂණය තුරන් කිරීම අරගලයේ නිරත වූ සියලු පිපරිස්වල ප්‍රධාන ඉල්ලීමක් වූ බවත් ඔහු පවසා තිබේ. එමෙන් ම දූෂණයෙන් තොර රටක් ගොඩනැගීමේ වගකීම සියලු දෙනාට ඇති බව ද හෙතෙම පෙන්වා දී ඇත.
සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා මේ වනවිට අරගලය සහය ලබාදෙන ස්ථාවරයක සිටිමින් විවිධ ප්‍රකාශ නිකුත්කරන ආකාරය දක්නට ලැබෙයි.
කෙසේ වුවත් අරගලකරුවන්ගේ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධාන ඉල්ලීඹක් වූයේ පවතින ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදයෙන් මිදීම සඳහා සර්ව පාක්ෂික රජයක් පිහිටවිය යුතු බවයි. ඒ කරුණ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ද යෝජනා කර තිබිණි.