spot_img
spot_imgspot_img

සමාජ ශාලාවක ගින්නෙන් 14ක් මරුට

පුවත්

විදෙස්

තායිලන්තයේ ගිණිකොණ දිග චොන්බුරි පළාතේ රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් 14දෙනකු මියගොස් 40දෙනකු පමණ තුවාල ලබා තිබේ.

පොලිසිය පවසන්නේ ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවයි.

බැංකොක් සිට දකුණු දෙසින් 150km (90 සැතපුම්) පිහිටි පළාතක් වන ජොන්බුරි හි පිහිටි මෙම සමාජ ශාලාව, වර්ග මීටර් 4,800 ක පමණ විශාලත්වයකින් යුත් තනි මහල් සංකීර්ණයකි.

ගින්න පාලනය කිරීමට ගිනි නිවන භටයින් පැය දෙකකට වැඩි කාලයක් සටන් කළ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය. එම ස්ථානයේ පැවති සජීවී සංගීත ප්‍රසංගයක් අතරතුර ගින්න හටගෙන ඇති බව සිද්ධියෙන් මියගිය එක් සංගීත වාදකයෙකුගේ මවක් පවසයි.

මියගිය අයගේ සිරුරු වැඩිපුරම හමු වී ඇත්තේ දොරටුව අසල සහ නාන කාමරවල ය. තවත් ඒවා ඩීජේ කුටිය අසලින් හමු විය.

මියගිය සියලු දෙනා තායි ජාතිකයන් බවට විශ්වාස කෙරේ.

නිලධාරීන් පැවසුවේ සමාජ ශාලාවේ බිත්ති මත තිබූ දැවෙන ධ්වනි පෙණ එම ස්ථානය හරහා ගින්න පැතිරීමේ වේගය වැඩි කළ හැකි බවයි.

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕචා ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කළ අතර, විපතට පත් වූවන්ගේ පවුල්වලට බලධාරීන්ගෙන් ආධාර ලැබෙනු ඇති බව පැවසීය. නිසි හදිසි පිටවීම් සහ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති බව සහතික කරන ලෙස ඔහු රට පුරා විනෝදාස්වාද ස්ථානවලින් ඉල්ලා සිටියේය.

එම ස්ථානය අවන්හලක සිට රාත්‍රී සමාජ ශාලාවක් බවට පත් කර ඇති අතර එය අවසරයකින් තොරව ක්‍රියාත්මකවී ඇති බව නිලධාරීහු පැවසූහ.

තායිලන්තයේ රාත්‍රී සමාජ ශාලාවක මාරාන්තික ගින්නක් හටගත් පළමු අවස්ථාව මෙය නොවේ.

2009 වසරේ, අලුත් අවුරුදු දිනයේ අලුයම සන්තිකා සමාජ ශාලාවේ ගින්නක් පැතිරීමෙන් බැංකොක්හි 60 කට වැඩි පිරිසක් මිය ගියහ. සමාජ ශාලාවේ හිමිකරු ඇතුළු දෙදෙනෙකු 2011 දී සිරගත කරන ලදී.

එමෙන්ම 2012 වසරේ තායිලන්තයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ෆුකෙට් හි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගිය අතර තවත් දුසිමක් පමණ තුවාල ලබා ඇත.

https://www.bbc.com/news/world-asia-62333537

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!