රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පැවැත්වූ සම්මන්ත්‍රණයකට සහභාගී වීමේ නිශ්චිත කාරණයක් නොමැතිව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනකුට ඉතාලියේ සංචාරයක නිරතවීම සඳහා රජයේ මුදල් දළ වශයෙන් රුපියල් ලක්ෂ 266ක් වියදම් කර ඇති බව අනාවරණය වී
මේ කරුණු හෙළිදරව් වී ඇත්තේ 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මාධ්‍යවේදී කේ.දිලිප් අමුතන් විසින් කරන ලද විමසීමක දී ය.
මාධ්‍යවේදී දිලිප් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයෙන් මෙම වියදම් පිළිබඳ තොරතුරු ඉල්ලා සිටිය ද අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව යැයි කියමින් තොරතුරු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කර තිබිණි. ඉන් පසු මාධ්‍යවේදියා ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. එම අභියාචනය අනුව කොමිෂන් සභාව එම තොරතුරු ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට නියෝග කර තිබිණි.
ඒ අනුව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල PMO/ADM/01/21/02/08 අංකයෙන් 2022 ජූලි 25 වැනි දින අදාල තොරතුරු නිකුත් කර තිබේ.
හිටපු අගමැතිවරයා 2021 සැප්තැම්බර් මාසයේ දී ඉතාලියේ සංචාරයක යෙදී තිබුණු අතර එම සංචාරය කිනම් වූ නිශ්චිත කාරණයක් සම්බන්ධයෙන් වූවක් ද යන්න පිළිබඳ රජය හෙළිදරව් කළේ නැත. නමුත් පසුව රජය කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සඳහා ඉතාලියට ගිය බවයි.
අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය දැන් අනාවරණය කර ඇති තොරතුරු අනුව මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අමතරව ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, සම්බන්ධීකරණ අධ්යක්ෂ ඊ.මාලක චන්ද්‍රදාස, වෛද්‍ය නිලධාරී ඒ.පී.කේ.කේ.කන්තන් මුදියන්සේලාගේ, පුද්ගලික සහසහකරු වන පී.කේ.කට්ටඩිගේ, පුද්ගලික සහකාරියක වන ඒ.ඩී.කේ.අත්තනායක, දුරකථන ක්‍රියාකරවන්නියක වන ජී.කේ.ඩී.සුමුදු රංජිත් වසන්ත සහ ඡායාරූප ශිල්පී රාජිත ඩබ්ලිව්.පී.වික්‍රමගේ යන අය ද සහභාගී වී ඇත. ඒ අනුව අගමැතිවරයා ද ඇතුළුව ඉතාලි සංචාරයට එක්වූ සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව 10 දෙනෙකි.
මෙම ගමනේ දී ආහාර සහ අනෙකුත් වියදම් සඳහා රුපියල් 1,353,362.43ක් ද ගුවන් ගමන් වියදම් සඳහා රුපියල් 8,635,200.00ක් සහ නවාතැන් සහ අනෙකුත් වියදම් සඳහා රුපියල් 16,695,800.00ක් වශයෙන් සමස්තය රුපියල් 26,684,362.43ක් (රුපියල් ලක්ෂ 266ක්) වියදම් කර තිබේ.
රාජ්‍ය නොවන සංවිධානයක ආරාධනයෙන් ඔවුන්ගේ සම්මන්ත්‍රණයකට බව පවසමින් හිටපු අගමැතිවරයා තම පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් සමඟ ඉතාලි සංචාරය සඳහා වියදම් කර ඇත්තේ මහජන මුදල් බව මේ අනුව තහවරු වන අතර එම සංචාරයේ අරමුණ ද මෙතෙක් අනාවරණය කර නැත.