නෝර්ටන්බ්‍රිජ් ටැප්ලෝ ප්‍රදේශයේ ඊයේ (01) පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සිටි නිවස සහ තවත් යාබ ද නිවසක් මෙම පස් කන්ද කඩා වැටීමෙන් සම්පූර්ණයෙන් ම විනාශ වී ගොස් ඇත. මෙම ස්ථානයේ පස් කඳු කඩා වැටීමේ අවදානම හේතුවෙන් පවුල් 08 ක පුද්ගලයන් 17 දෙනකු ඉවත්කර ඇතැයි ද අපදා කළමනාකරණ ඒකකය පවසයි.