කෘෂිකර්ම අමාත්‍යාංශයට දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට ගෙවා ඇති රුපියල් කෝටි 19කට ආසන්න මුදලකට සිදුවූ දෙයක් නැතැයි අනාවරණය වෙයි.
රුපියල් 188,200,000.00 (රුපියල් දහ අට කෝටි අසූ දෙලක්ෂයක්) ඉක්මවන මෙම මුදල 2016 වර්ෂයේ දී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කොළඹ විශ්වවිද්‍යාලයට ගෙවා ඇත. කෘෂිකර්ම අමාථයාංශයට සම්බන්ධ සියලු තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සැකසීමට මෙම මුදල ගෙවා ඇතැයි ද වාර්තා වේ.
අමාත්‍යාංශය සතුව මෙතෙක් කෘෂි තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් නොමැතිවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් කරන ලද විමසීමක දී අමාත්‍යාංශ නිලධාරීන් මේ තොරතුරු අනාවරණය කර තිබේ.
මෙම දත්ත පද්ධතිය වහාම සකසා අවසන්කර දෙන්න යැයි කොළඹ විශ්වවිද්‍යාලයට ලිඛිතව දන්වා සිටින ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.