බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ පසුගිය ජනවාරි 11 වැනි දා බෝම්බයක් තැබුවේ එවකට ආණ්ඩුවේ බලවතුන්යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කීහ.
කාදිනල්තුමා මේ බව කියා සිටියේ අද මෝදර ශුද්ධ වූ ජාකොබ් මුනිදුන්ගේ දේවස්ථානයේ දිව්‍ය පූජාව පවතවමිනි.
එහි දී කාදිනල්තුමා මෙසේ ද කීවේය.
“මේ රට අද ආගාධයට පත්වෙලා තියෙන්නේ බලයට, ධනයට කෑදරව සියලුම ප්‍රතිපත්ති පාවා දෙන මිනිස්සු නිසා. මේ රට ධර්මද්වීපය කිව්වට ධර්මද්වීපයක දේවල් නෙවෙයි වෙන්නේ. ජනවාරි 11 වැනි දා බොරැල්ලේ සියලු ශාන්තුවරයන්ගේ දේව් මැදුරේ බෝම්බයක් ගෙනවිත් තිබ්බා. ඒ වෙලාවේ ප්ලලියේ හිටපු අයව අල්ලගෙන ගියා. මාසයකට වඩා සිරකරගෙන හිටියා. ඒ අල්ලගෙන ගිය අය නෙවෙයි බෝම්බය ගෙනාවේ. ඒක ගෙනාවේ ආරක්ෂක අංශවල අය. අද වනතුරු ඒ ගැන පරීක්ෂණයක්වත් කිසිම දෙයක් සිදුවෙලා නෑ. බෝම්බය සොයාගත් මිනිස්සුන්ව මාසයක් විතර ඇතුළට දාලා සාක්ෂි නෑ කියලා නිදහස් කළා. ඒ මිනිස්සුන්ට පහර දීලා බලෙන් ප්‍රකාශවලට අත්සන් ගත්තා. ඒවා ගැන කිසිම යුක්තියක් ඉෂ්ඨ වුණේ නෑ. ඒ බොම්බේ තිබ්බේ එදා හිටපු රජයේ බලවත් අය. ඒ ගැන කිසිම පරීක්සණයක් නෑ. රටේ නීතියක් නෑ. රටේ තියෙන්නේ අවනීතියක්.”