spot_img
spot_imgspot_img

කොරෝනා පැතිරීම 10%කින් වේගවත් වෙලා

පුවත්

විදෙස්

කොරෝනා පැතිරීමේ සීඝ්‍රතාව 10%කින් පමණ ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොරෝනා සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් අම්දානි පවසයි.

මේ හේතුවෙන් නැවත සෞඛ්‍ය මාර්ගෝපදේශ තදින් පිළිපැදීම අත්‍යාවශ්‍ය බව ද හෙතෙම සඳහන් කළේය.

සෑම දිනකම කොරෝනා මරණන 4-5ක් පමණ මේ වනවිට වාර්තාවන බවත් දෛනිකව හමුවන රෝගීන් සංඛ්‍යාව ද වේගයෙන් ඉහළ යමින් පවතින බවත් වෛද්‍ය අම්දානි කියයි.

කොරෝනා එන්නත් කිරීම සාර්ථක ව සිදුකර ඇති බැවින් ප්‍රතිශක්තීකරණයක් ජන සමාජයේ ඇති බැවින් රෝගීන් නිවෙස්වල ම කළමනාකරණය කිරීමේ හැකියාවක් ඇතැයි ද එබැවින් රෝගීන් වාර්තාවන ප්‍රදේශ වසා දැමීමේ අවශ්‍යතාවක් නැතැයි ද ඔහු කීවේය.

මේ දක්වා කොරෝනා එන්නත් ලබාගෙන නැති පුද්ගලයන් සිටීනම් හැකි ඉක්මණින් එන්නත්කරණයට යොමුවන ලෙස ද සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

කෙසේ වෙතත් කොරෝනා පැතිරීම සුළුවෙන් තැකිය නොහැකි දෙයක් බව ද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!