spot_img
spot_imgspot_img

වඳුරු උණ පැතිරෙයි. සෞඛ්‍ය හදිසි තත්වයක්

පුවත්

විදෙස්

වඳුරු උණ වසංගතයක් බවට පත් වී ලෝකය පුරාම පැතිරයාමේ අවධානමක් හේතුවෙන් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ හැකි ඉහළම අනතුරු ඇඟවීම මේ වනවිට නිකුත් කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොන් ඇද්නාම් ගෙබ්‍රෙයිසස් පවසන්නේ රටවල් 75කින් මේ වනවිට රෝගීන් 16,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.  එමෙන් ම මේ වනවිට මරණ 05ක් සිදුව ඇතැයි ද ඔහු පවසයි.

වසූරිය ඇති කළ වයිරස ඛාණ්ඩයේ ම වයිරසයක් වන වඳුරු ඇතිකරන වයිරසය ව්‍යාපත්වන ආකාරය පිළිබඳ ව තවමත් සෞඛ්‍ය අංශවලට ඇත්තේ අල්ප අවබෝධයකි.

සෞඛ්‍ය අංශ පවසන්නේ වඳුරු උණෙහි අවදානම මධ්‍යස්ථ වුව ද එය යුරෝපීය කලාපයේ හැර ලොව අනෙකුත් සියලු කලාවල පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බවයි.

https://www.bbc.com/news/health-62279436

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!