නව අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන අද (22) උදෑසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ දිනේෂ් ගුණවර්ධන 1949 වර්ෂයේ මාර්තු මස 05 වැනි දා උපත ලැබුවේය.
පිලිප් ගුණවර්ධනගේ පුතකු වන ඔහු සිය පියාගේ අභාවයෙන් පසු 1973 වර්ෂයේ සිට මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරයි.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආධ්‍යාපනය හැදෑරූ දිනේෂ් ගුණවර්ධන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාසල් මිත්‍රයෙකි. ව්‍යාපාර පරිපාලනය, කළමනාකරණය ආශ්‍රිත මෙන් ම ජාත්‍යන්තර ප්‍රවාහනය පිළිබඳ උපාධි හිමිකරගත් හෙතෙම නෙදර්ලන්ත ව්‍යාපාරික විශ්වවිද්‍යාලයෙන් හා ඔරිගන් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත.
1983 අතුරු මැතිවරණයෙන් මහරගම ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි දිනේෂ් ගුණවර්ධන එතැන් පටන් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරයි.