ගාලු මුවදොර අරගලකරුවන්ට එරෙහිව සිදුකරන ලද ආරක්ෂක අංශ මෙහෙයුම ජාත්‍යන්තරයේ ද අප්‍රසාදයට ලක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ රජය වහාම මෙම මර්ධනකාරී වැඩපිළිවෙල නැවැත්විය යුතු බවයි. ජනතාවට සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අයිතිය තහවුරු කළ යුතු බවත් ඊට රජය කිසිසේත්ම බලපෑම් නොකළ යුතු බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
එමෙන් ම අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් වහාම නිදහස් කරන ලෙසත්, ජනමාධ්‍යවේදීන්ට ඔවුන්ගේ රාජකාරී ඉටුකිරීම් දී බාධා එල්ල නොකරන ලෙසත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය රජයට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් ද ගාලු මුවදොර ඇති වූ උණුසුම් තත්වය සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා ඇත. ඇය එහි සඳහන් කර ඇත්තේ ඒ ගැන තමන් දැඩි අවධානයක් යොමුකළ පවයි. පුද්ගලයන්ට සාමකාමීව අරගල කිරීමට ඇති අයිතිය පිළිබඳ අවධානයෙන් පසුවන බව ද අගේ නිවේදනයේ සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපපතිනි ජූලි චන්ග් ද ගාලු මුවදොර ප්‍රහාරය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තම දැඩි කණස්සල්ල ප්‍රකාශ කරයි. බලධාරීන් සංයමයෙන් කටයුතු කිරීම අවශ්‍ය බවත් මෙම ක්‍රියාමාර්ග ගැන කණගාටුවන බවත් ඇය පවසයි.