spot_img
spot_imgspot_img

වසන්ත මුදලිගේට සහ ජිනරතන හිමිට වරෙන්තු

පුවත්

විදෙස්

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමිට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (21) වරෙන්තු නිකුත් කළේය.

මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ 2021 වර්ෂයේ දී කොළඹ කොටුව ප්‍රදේශයේය සිදුකළ උද්ඝෝෂණයක දී අයුතු අවහිරයක් වන ආකාරයෙන් කටයුතු කරන ලදැයි චෝදනා ගොනුකරමින් විභාග වූ නඩුවක් සම්බන්ධයෙනි. මෙම නඩු විභාගය සඳහා වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කරන්න යැයි පොලිසිය අද අධිකරණයෙන් ඉල්ලීමක් ‍කළේය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.

කොළඹ කොටුව පොලිසිය විසින් මෙම පැමිණිල්ල 2021 වර්ෂයේ ධී ගොනුකර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!