ශ්‍රී ලංකාවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද (21) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී දිවුරුම් දුන්නේය.
උදෑසන 10.00ට පමණ පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා කතානායකවරයා විසින් පිළිගනු ලැබූ අතර ඉන් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඉදිරියේ දිවුරුම් දුන්නේය.
1977 වර්ෂයේ බියගම ආසනයේ මහජන මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්වූ රනිල් වික්‍රමසිංහ 1993 වර්ෂයේ මැයි මාසයේ දී ප්‍රථම වරට මෙරට අගමැතිවරයා ලෙස පත්වූ අතර ඉන් පසු 06 වතාවක් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූයේය.
බලයෙන් පහකරන ලද හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ විදේශග වන අවස්ථාවේ දී ඔහු විසින් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිධූරයේ වැඩ බැලීමට පත්කරන ලද අතර ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ නිල වශයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂගේ ධූර කාලයේ ඉතිරි කොටස සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාගැනීමේ ඡන්ද විමසීම ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී පැවැති අතර එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 134 දෙනකුගේ කැමැත්තෙන් රනිිල් වික්‍රමසිංහ මෙරට 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූයේය.