අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාපත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පැවැති ඡන්ද විමසීම අද 11.45ට අවසන් විය. එම ඡන්ද විමසීමේ අවස්ථාවට සෙල්වරාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීවරයා සහ ජී.ජී.පොන්නම්බලම් මන්ත්‍රීවරයා පැමිණ සිටියේ නැත.
ඡන්දය ගණන් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර අපේක්ෂකයකුට තමන්ට ම හෝ ඔවුන්ගේ නම්කරන ලද නියෝජිතයකුට ඡන්දය ගණන් කිරිම නිරීක්ෂණය සඳහා යෙදවීමට හැකියාව ඇත.
ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන් වෙනුවෙන් ඡන්ද නිරීක්ෂකයා ලෙස හරීන් ප්‍රනාාන්දු අමාත්‍යවරයා නම් කළ අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා විසින් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා නම් කෙරිණි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා තම නියෝජිතයා ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයා නම් කෙළ්ය.
දැන් ඡන්දය ගණනය කිරීම ආරම්භ කර ඇත.