spot_img
spot_imgspot_img

ඉන්ධන ජාවාරම්කරුවන්ගේ තිප්පලක් වූ හම්බන්තොට ෂෙඩ්

පුවත්

විදෙස්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

ඉන්දන පිරවුම්හල් ඉන්ධන ජාවාරම් කරුවන්ගේ තිප්පොල් බවට පත්ව ඇත. මේ හේතුවෙන් ඉන්ධන ලබාගැනීමට පෝළිමේ  රැදී සිටින සාමාන්‍ය ජනතාවට තෙල් ලබා ගැනීමට නොහැකියැයි ඔවුහු මැසිවිලි නගති.

සංවිධානාත්මකව කණ්ඩායම් වශයෙන් පැමිණෙන පිරිස් ඉන්ධන පෝළිම් අල්ලාගෙන ඒවායේ රැදී සිටිමින් තම හිතවතුන් පෝළිම්වලට බලහත්කාරයෙන් ඇතුළු කරන බව ජනතාව චෝදනා කරති. එවැනි පුද්ගලයන් ඇතුළු වෙද්දී ඊට එරෙහිවන ජනතාවට බැනවැදීම් සහ පහරදීම් සිදුවන බවත් බොහෝ දෙනාගේ චෝදනාවකි. මෙවැනිම සිදුවීමක් හේතුවෙන් ගාල්ලේ ඉන්ධන පිරවුම්හළක දී තරුණයකුට තියුණු ආයුධයකින් පහර දී  ඝාතනය කෙරිණි.

මෙය පොලිසියට ද පාලනය කරගත නොහැකි තත්වයකට පත්ව ඇත. ඉන්ධන පිරවුම්හල් අසළ දැඩි තදබදයක් ද මේ තත්වය හේතුවෙන් ඇතිව තිබෙන අතර සාමාන්‍ය ජනතාවට සිය දෛනික අවශ්‍යතා සඳහා මාර්ගවල යාමට පවා නොහැකි තත්වයක් උදා වී ඇත.

හම්බන්තොට ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ජාවාරම්කරුවන් සහ මැරයින්ගේ තිප්පොළක් බවට පත්වී ඇති බවයි ඉන්ධන ලබාගැනීමට පැමිණෙන සාමාන්‍ය ජනතාව කියති. ඔවුන් දවස් ගණන් පෝළිමේ සිටියත් තමන්හට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට නොහැකි තත්වයක් අම්බලන්තොට ඉන්ධන පිරවුම්හල් අශ්‍රිතව ද  ඇතිවී ඇති වී තිබෙන බව පාරිභෝගිකයෝ කියති.

“ඉන්ධන ගහගන්නේ ඒවා වෙන තැන්වල වැඩි මිලට විකුණන්න බලාපොරොත්තුවෙන් තොග ගණන් එකතු කරන චණ්ඩි විතරයි. පොලිසියටත් මේක නතර කරන්න බෑ. ඇත්තටම රස්සාවට යන්න ඉන්ධන ටිකක් ගන්න අපිට තෙල් ගන්න විදියක් නෑ. මැරයෝ රජ කරනවා.” දින ගණනක් පෝළිමේ රැදී සිටි අයෙකු කියා සිටියේය.

මේ අතර පසුගිය 16 වනදා හම්බන්තොට ගබඩා හන්න්දිය සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල තුලින් සාමාන්‍ය ජනතාවට ද ඉන්ධන ලබාදීමට යාමේදී  ඇතිවූ නොසන්සුන්තාවයකින් පසු එම ඉන්ධන පිරවුම්හළේ ඉන්ධන  සෞඛ්‍ය අංශයට පමණක් වෙන්කෙරිණි. ඒ එම ඉන්ධන හළේන් සෞඛ්‍ය වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට පමණක් ලබා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් සිදුකළ වැඩවර්ජනයකින්  පසුවය.

එසේ අම්බලන්තොට සිපෙට්කෝ පිරවුම් හළල වෛද්‍යවරුන්ට සහ රෝහල් සේවකයන්ට පමණක් වෙන්කර තිබිය දී ඇතැම් වෛද්‍යවරු තම පුද්ගලික වෛවද්‍ය මධ්‍යස්ථානවෙත ගොස් අම්බලන්තොට IOC පිරවුම් හළෙන් ද ඉන්ධන ගැනීමට කටයුතු කිරීමත් සමඟ ප්‍රදේශවාසීන්ගෙන් ඔවුන්ට දැඩි විරෝධයක් එල්ල විය.

“අපි මුලින්  වෛද්‍ය වරුන්ට පෝළිමේ ඉන්නේ නැතිව ඕනම වෙලාවක තෙල් ගහගෙන යන්න දුන්නා නමුත් හම්බන්තොට දී  සෞඛ්‍ය කාර්යමණ්ඩල 10 දෙනෙකුගෙන්  සාමාන්‍ය ජනතාව හා අනෙකුත් රාජ්‍ය සේවකයින් එක් අයෙකුටවත් තෙල් ගහගන්නවට වෛද්‍ය වරුන් ඇතුළු කිසිවෙක් කැමති උනේ නෑ. ඊට පස්සේ උද්ඝෝෂණ කරලා රෝහලේ සේවාවලින් ඉවත්වෙලා එයාලගේ වෘත්තීය සමිති බලය පෙන්වලා  හම්බන්තොට ගබඩා හන්දිය ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගත්තා එම නිසා අම්බලන්තොට රෝහලේ වෛද්‍ය වරුන් හා කාර්යමණ්ඩලය හැර හම්බන්තොට රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩල අය මෙම අම්බලන්තොට  පිරවුම්හලටද පැමිණ ඉන්ධන ලබාගැනීම සදාචාර සම්පන්න නැහැ.” යැයි එහි පෝළිමේ සිටි පිරිස් කියති.

ඉන්ධන පිරවුම්හල් තුළ ක්‍රියාත්මක වන මැරයන්ගේ, ජාවාරම්කාරයන්ගේ සහ ඇතැම් වෘත්තිකයන්ගේ මාෆියාව නතර කර දෙන ලෙස හම්බන්තොට ජනතාව ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!