නාවික හමුදාපතිගේ උපදෙස් පරිදි, ඇවන්ගාඩ් පුද්ගලික සමාගමේ රථ සඳහා නාවික හමුදාවෙන් ඉන්ධන ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබේ.
මේ බව තහවුරු වන්නේ නාවික හමුදාව විසින් ම නිකුත්කර ඇති ලේඛනයකිනි.
එම ලේඛනයේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ ඉන්ධන සංචිතයෙන් අඟහරුවාදා, බාදා සහ බ්‍රහස්පතින්දා දිනවල දී ඇවන්ගාඩ් රථ සඳහා ඉන්ධන ලබාදෙන බවයි.
ඇවන්ගාඩ් සමාගම යනු පුද්ගලික ආරක්ෂක ආයතනයකි. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන් සඳහා ඉන්ධන ලබාදෙන ලෙස රජයෙන් කොතෙක් ඉල්ලීම් කළ ද පසුගිය කාලයේ ඉන්ධන ලබාදීමේ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූයේ නැත.
නාවික හමුදාවෙන් නිකුත් කළ මෙම ලේඛනයේ ඇවන්ගාර්ඩ් පුද්ගලික සමාගමට ඉන්ධන ලබා දෙන බව සඳහන් වුව ද අත්‍යාවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය සේවයට නම් එවැනි ඉන්ධන ලබාදීමක් සඳහන් වන්නේ නැත.