spot_img
spot_imgspot_img

දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසිවලට ඩලස්-සජිත් එකඟ වෙයි. ජනපති සටනේ දී TNA සහය දෙයි

පුවත්

විදෙස්

සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කිරිම, හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් ඇතුළු පුද්ගලික ඉඩම් නිදහස් කිරීම, උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන ප්‍රතිසංස්කරණය නොකිරීම සහ ඒවා රක්ෂිත බවට පත්නොකිරීම ඇතුළු කොන්දේසි කිහිපයක් යටතේ දෙමළ ජාතික සන්ධානය ඩලස් අලහප්රෙුම මන්ත්‍රීවරයාට සහයෝගය දීමට තීරණය කර තිබේ.

මේ බව සජිත්-ඩලස් හවුල් කණ්ඩායම සමඟ ඊයේ සාකච්ඡාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබල දේශපාලනඥයකු විසින් ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදී ජමිලා හුසේන් සමඟ පවසා ඇත.

එහි දී ඔහු පවසා ඇත්තේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) මගින් අතුරුදන්වූළුන් පිළිබඳ පරීක්ෂණ නැවත ආරම්භ කිරීමටත්, ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු යන්නටත් ඩලස් අලහප්පෙරුම එකඟ වූ බවයි.

දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ඉල්ලීම්වලට ඩලස් සහ සජිත් දෙදෙනාම එකඟ වී ඇති අතර එය පිළිගැනීම හේතුවෙන් දෙමළ ජාතික සන්ධානය පාර්ලමේන්තුවේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඩලස්ට සහය දීමට තීරණය කළ බව ද ඔහු මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

මෙම රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජී එල් පීරිස් ද සහභාගී විය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!