spot_img
spot_imgspot_img

ඉන්දියාවේ ඉගෙන ගන්නා ශ්‍රී ලාංකික සිසුන් ලියාපදිංචි කරයි

පුවත්

විදෙස්

ඉන්දියාවේ විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකීය සිසු සිසුවියන් සම්බන්ධයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, මුම්බායි හි නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ චෙන්නායි හි ස්ථාපිත කොන්සල් ජනරාල් කාර්යාලය මෙම කාර්යයේ නිරත වෙයි.

එහි දී ඉන්දියාවේ අධ්‍යාපනය ලබන සියලු ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ගාස්තු අයකිරීමකින් තොරව ලියාපදිංචි කරයි.

මෙවැනි සමීක්ෂණයක් ආරම්භ කර ඇත්තේ දැනට පවතින වාතාවරණය අනුව ඔවුන්ට කිසියම් සහායක් අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැදිහත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් තීරණ ගැනීමට බව ද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

තමන් ඉගෙනුම ලබන ප්‍රාන්තය අනුව ඔවුන් විසින් ම සිය විස්තර ඇතුළත් කළයුතු යැයි එම නිවේදනයේ දැක්වේ.

මේ සඳහා slhcindia.org  හෝ sldhcchennai.org වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිවීමේ හැකියාව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!