සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට තමන් කැපවී සිටින බවත් වෙනසක් වුවමනායැයි කියන සාමකාමී උධ්ඝෝෂඛයන් ගේ අදහස් ද රැගෙන විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර රටේ අනාගතය යහපත් කිරීමට තමන් සූදානම් බවත් රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා අද (18) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
එහි දී අදහස් දැක්වූ වැඩබලන ජනාධිපතිවරයා මෙසේ ද කීවේය.
“19 වැනි ව්‍යවස්ථාව නැවත බලාත්මක කරන්න කෙටුම්පත් හදන්න කියලා දැනුම්දීලා තියෙනවා විධායක ජනාධිපති ක්‍රමය ප්‍රශ්නයක් ඒක ගැන අපිට සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඒ වගේ ම නීතිය කඩන ව්‍යාපාරයක් තියෙනවා. නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඕන. පැසිස්ට් ක්‍රමයෙන් නීතිය හා සාමය නැති කරන්න බෑ සාමකාමී අරගලකරුවන් කියනවා වගේ මේ ක්‍රමවේදය වෙනස් කරන්න ඕනෑ. මාත් හිතන්නේ ඒක කරන්න ඕන කියන එක. මේ ගැන ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපිට එකම අදහස තියෙන්නේ. සමහර දේවල් සම්බන්ධයේන වෙනස් අදහස් තියෙනවා. මේ ක්‍රමවේදයේ වෙනස ගැන සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න අවස්ථාව ලබා දෙන්න අවශ්‍යයි. මේ සාමකාමී අරගලකරුවන් පමණක් නෙවෙයි එයින් පිට මේ රට වෙනසක් වුවමනා යැයි කියන අයටත් අපි සහය දෙන්න ඕනෑ. රටේ තරුණයන් මේ රට බාර ගන්නවානම් ඒ අයගෙ අදහස් අනුව තමයි අපි රටේ පාලනයත් ආර්ථිකයත් සකස් කරන්න තියෙන්නේ. විධායක ජනාධිපපති ක්‍රමය ගැන සකාච්ඡා කරන ගමන් වැදගත් කරුණක් තියෙනවා. දේශපාලන පක්ෂවල අනාගතය ගැන අපි තීරණයක් ගන්න ඕනෑ. එකිනෙකාට විරුද්ධව රට විනාශ කරනවා ද සාමූහිකව වැඩ කරලා රට ගොඩගන්නවා ද කියලා අපි තීරණය කරන්න ඕනෑ. නීතිය හා සාමය ආරක්ෂා කරලා රට ගෙඩගන්න ඕන. අවුරුදු ගණනක් ඕන නෑ. ලබන වසර් දී මේක ට වඩා හොඳ වෙනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන්න කැප වී සිටිනවා.”
රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයා කියා සිටියේ තමන් පසුගිය මැයි 13 වැනි දා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වන විට මෙරට ආර්ථිකය දැඩි ලෙස කඩා වැටී තිබුණු බවයි. පැය 05ක් බවට පත්ව තිබූ විදුලි කප්පාදුව පැය 03ක් දක්වා අඩුකළ බවත් යල කන්නයට පෝර බෙදා දුන් බවත් හෙතෙම පවසයි. මේ වනවිට මහ කන්නයට අවශ්‍ය බොහොර ලබා දීමට කටයුතු කරමින් සිටින බැවින් මහ කන්නයේ දී රට යළි සහලින් ස්වයංපෝෂිත වනු ඇතැයි අපේක්ෂා කරන බව ද වැඩබලන ජනාධිපතිවරයා කීවේය.
ඔහු පවසන්නේ තමන් අගමැති වූ අවස්ථාවේ කල් වේලා ඇතිව ම ජූලි මාසයේ පළමු සති 03 තෙල් අර්බුදය උග්‍ර වනු ඇතැයි කී බවයි. එය සත්‍ය වූ බවත් දැන් ගෑස් අඛණ්ඩව ලැබෙන ආකාරයටම ඩීසල් ද අඛණ්ඩව ලබාදීමේ අවස්ථාව තිබෙන බව රනිල් වික්‍රමසිංහ කීවේය. එමෙන්ම ඔහු කියා සිටියේ ලබන 21 වැනි දා සිට පෙට්‍රල් ද අඛණ්ඩය ලබා දීමට කටයුතු කර ඇති බවයි.
“ ඒ වගේම අපි ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදුන්නා. ගොවි ණය අහෝසි කරන්න කටයුතු කළා. පාසල් විවෘථ කරනවා. ආර්ථිකය හදන්න අයිඑම්එෆ් සමඟ සාකච්ඡා කළා. මේ කාලයේ දී ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදුවෙනවා. විශේෂයෙන් ම ආහාර ගැන ප්‍රශ්න තියෙන අඩු ආදායම් ලාබීන්ට ආහාර ලබාදෙන්න ක්‍රියාකරනවා. ආහාර සුරක්ෂිත වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඒවායේ ප්‍රශ්න තියෙනවා. තවත් ප්‍රධාන ගැටලුවක් තමයි පාස්කු ප්‍රහාරය. ඒ ගැන ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා. ඒ පරීක්ෂණ නිසි පරිදි අවසන් නොවීමේ ගැටලුව තියෙනවා. මේවා තවදුරටත් ඇදගෙන යන්න ඕනෑ නෑ. මේ ප්‍රශ්න විසඳලා දාන්න ඕන කොමිසමේ වාර්තාවලට අමතරව තවත් වාර්තා තිබෙනවා. සම්පූර්ණයෙන් ම හොයා බලා මේ ගැන සාධාරණය ඉටුකරන්න ඕනෑ. කැමතිනම් අපිට පුළුන් එක්සත් රාජධානියේ උදව්වත් මේ කාර්යයට ලබාගන්න. මේවා අවසන් කළ යුතු දේවල්. රටේ ජනතාවට තිබුණු ලොකු ප්‍රශ්නයක්.” යැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.