ගාල්ල, මාගාල්ලේ, ගංගාරාම මාවත දුම්රිය හරස්මාර්ගයේ දී අද (18) උදෑසන 10.15ට පමණ කාරයක් බෙලිඅත්තේ සිට යාපනය දක්වා ධාවනය වන රජරට රැජින දුම්රියේ ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් 04දෙනකු තුවාල ලබා ඇතැයි කරාපිටිය රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගැබිනි මවක් සහ වයස අවුරුදු 08ක ඇගේ දියණිය බව ද පොලිසිය පවසයි. දියණිය රෝහලට ඇතුළත්කරන විට මියගොස් සිටි බවත් ගැබිනි මව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවත් වෛද්‍යවරු පවසති.
අනතුරට පත්ව ඇත්තේ කරාපිටියේ ගොඩකන්ද ප්‍රදේශයේ පදිංචිිකරුවන් පිරිසකි. ඔවුන් විවාහ මංගල උත්සවයකට සහභාගීවීමට යමින් සිටිය දී අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගය හරහා රථය ධාවනය කරද්දී මෙම අනතුර සිදුව ඇත. එම ස්ථානයේ දුම්රිය ගේට්ටුවක් නොමැති අතර වර්ණ සංඥා සහ සීනු හඬ පමණක් නිකුත්වන දුම්රිය හරස් මාර්ගයකි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ වර්ණ සංඥා සහ ශබ්ද සංඥා ක්‍රියාත්මක වෙද්දී එය නොතකා කාරය දුම්රිය මාර්ගය හරහා ගමන් කළ බවයි. එතැන සිටි පුද්ගලයකු අතින් කෑ ගසා කාරය දාන්න එපා යැයි කීව ද කාරය දුම්රිය මාර්ගය මැදටම එද්දී දුම්රියේ වැදුණු බව ඔවුහු කියති.
රෝහලේ දී මියගිය මවගේ කුසෙහි සිටි දරුවා බේරාගැනීමට හදිසි සිසේරියන් සැත්කමක් සිදුකිරීම වෛද්‍යවරු සැළසුම් කළ ද එම දරුවා ද මියගොස් ඇතැයි තහවුරු වූයෙන් සැත්කම සිදුකිරීම අතහැර දැමීමට වෛද්‍යවරුන්ට සිදුවිය.