අරගලයට නායකත්වය දුන් පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජාතික රූපවාහනීය යන පරිශ්‍රයන්ට ඇතුළු වී ඒවා අපත්පත් කරගැනීමට නායත්වය දුන් සහ ඒවා අත්පත් කරගෙන රඳවාගෙන සිටි අරගල නායකයන් පිළිබඳ මෙලෙස විමර්ශන ආරම්භ කර තිබේ.
අරගලකරුවන් එම ස්ථානවල රැඳී සිටිය දී පොලිස් නිලධාරීන් නිල ඇඳුමෙන් පවා එම ස්ථාවලට පැමිණ අරගලකරුවන්ගේ සහ ඔවුන් කරන කියන කාර්යයන්හි ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගෙන තිබිණි. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ නිලධාරීන් රැසක් ද සිවිල් ඇඳුමින් මේ ස්ථානවල අරගලකරුවන් නොදැනෙන ලෙස රැඳී සිට තිබේ.
එමෙන් ම අරගලය අතරතුර සිටිමින් ඡායාරූප ලබාගෙන ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ දහස් ගණන් සිටි අතර විශේෂ විමර්ශකයන් විසින් එම ඡායාරූප පවා විමර්ශනය කරමින් මන්දිරවලට සහ කාර්යාලවලට අලාභහානි කළ පුද්ගලයන් පිළිබඳ සොයා බලා ඇත.
මෙම ස්ථාන අත්පත් කරගත් සහ ඒවාට අලාභහානි කළ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගේ දත්ත ලේඛනගත කිරීමෙන් පසු ඔවුන්ට පොදු දේපළ පනත යටතේ සහ පුරාවිද්‍යා පනත යටතේ චෝදනා ගොනුකර අත්අඩංගුවට ගැනීමට සැළසුම් කර ඇතැයි ද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
අරගලය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු සිවිල් සංවිධානවලට ද එවැනි අවස්ථාවක දී මැදිහත් විය නොහැකි ආකාරයට මෙම නඩු පැවරීම් කටයුතු සිදුකරන බවට වාර්තා වේ.