spot_img
spot_imgspot_img

ෆොන්සේකා ජනාධිපති වෙන්න කැමති යැයි කියයි

පුවත්

විදෙස්

සමඟ ජන බලවේගයේ එකඟතාව තිබේනම් ජනාධිපති ධූරය බාරගැනීමට තමන් සූදානම් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු තමන්ට අගමැති ධූරය බාරගන්නා ලෙස දිගින් දිගමට ආරාධනා ලැබෙමින් තිබෙන බව ද හෙතෙම අද (14) කොළඹ දී කීවේය.

රාජපක්ෂවරුන්ගේ සහ රනිල් වික්‍රමසිංහගේ දූෂිත දේශපාලනය නිමා කළත් ඊළඟට පත්වන්නේ ද දූෂිත දේශපාලනඥයන් බැවින් ජනතාව අපේක්ෂා කරන පාලනය ඉන් බිහි නොවන්නේ යැයි හෙතෙම පවසයි.

දැඩි අභියෝග එල්ල වෙද්දී යුද්ධයට නායකත්වය දුන් තමන්ට රට වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාරගත හැකි බව ද ඔහු සඳහන් කළේය.

අරගලයේ යෙදෙන පිරිස් අපේක්ෂා කරන ප්‍රගතිශීලී දේශපාලන වැඩපිළිවෙළක් තුළින් රට ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් ෆොන්සේකා කීවේය.

ඔහු අරගලකරුවන්ට විශේෂ පණිවිඩයක් දෙමින් කියා සිටියේ ජනාධිපති මන්දිරයේ අරලියගහ මන්දිරය භාරදීම සඳහා හදිසි නොවන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!