spot_img
spot_imgspot_img

හමුදාව බලය පාවිච්චියට සූදානම් බව කියයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා එහි ජනතාව, පොදු දේපළ සහ රටෙහි මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක හමුදාවන් සහ පොලිසිය දිවි හිමියෙන් කැපවී සිටින බවත් ඕනෑම අවස්ථාවක ඒ සඳහා තම බලය පාවච්චි කිරීමට කිසිසේත් ම මැලි නොවන බවත් යුද හමුදාව නිවේදනයක් නිකුත්කරමින් පවසිය.

සාමකාමී උද්ඝෝෂණවලට තමන්ගේ කිසිදු බලපෑමක් නැතත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදුකරන පුද්ගලයන් එහි ආදීන පිළිබ වගකීම දැරිය යුතු බව ද එම නිවේදනයේ දක්වා තිබේ.  

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා තෙවරකට වැඩි අවස්ථා ගණනකදී සාමකාමී වන ලෙසත්, රාජ්‍ය ගොඩනැගිලි හා සියලු දේපළ ආරක්ෂා කරන ලෙසත් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නික්ම යාම සමඟ මතුව ඇති තත්ත්වයන් ව්‍යාවස්ථාව අනුකූලව විසඳාගන්නා ලෙසත් විරෝධතාකරුවන්ගෙන්  දැඩි ලෙස ඉල්ලා සිටි බවද හමුදාව සිහිපත් කර ඇත.

තම සීමාවන් ඉක්මවා ප්‍රචණ්ඩත්වය වැඩිකරමින් කටයුතු කරන සියලුදෙනා වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවත් නොඑසේනම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්ෂසක හමුදා බලය පාවිච්චි කිරීමට කටයුතු කරන බවත්,  එම නිවේදනය මගින් දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!