සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂය සහ විපපක්ෂය පිළිගන්නා අග්‍රාමාත්‍යවරයකු නම් කරන්න යැයි වඩබලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (13) කතානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම් දී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් බැහැරව සිටින බැවින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු කරයි. සර්ව පාක්ෂික රජයක් පිහිටුවීමට එකඟත්වයක් ඇතිවූ වහාම එම වගකීම ඔවුන්ට බාරදීමට තමන් සූදානම් යැයි රනිල් වික්‍රමසිංහ මීට පෙර ද දැනුම් දී තිබිණි.
එමෙන්ම පසුගිය 09 වැනි දා පැවැති පක්ෂ නායක රැස්වීමේ දී ද අගමැතිවරයා කියා තිබුණේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා තමන් අගමැතිධූරයෙන් ඉවත්වන බවයි.
ඉන් පසු 11 වැනි දා අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර පැවැති සාකච්ඡාවක දී අමාත්‍ය මණ්ඩයද තීරණය කර තිබුණේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් අමාත්‍ය ධූර අතහරින බවයි. එම රැස්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.