ජනාධිපති මන්දිරයේ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පරිහරනය කළායැයි සිතන කාමරයක තිබී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් එහි ඇතුළු වූ අරගලකරුවන් පිරිසක් විසින් සොයාගෙන තිබිණි.
එම මුදල් තම භාරයට ගත් ඔවුන් ඒ වනවිට ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවටව සිටි විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේද ප්‍රනාන්දු නමැත ිනිලධාරියකුට භාර දීමට ඔවුහු පියවර ගත්හ. එම නිලධාරිය සිදුකළේ එය තමන් භාරයට නොගෙන කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේට භාර දීමයි. එ් සඳහා එහි පැමිණි සාගර ලියනගේ ඇතුළු පොලිස් කණ්ඩායම එම මුදල් හමුවූ ස්ථානය වීඩියෝකර අරගලකරුවන් 05 සෙකුගෙන් ප්‍රකාශ ද සටහන් කරගෙන මුදල් තොගය පොලිසිය භාරයට ගෙන තිබිබණි.
ඔවුන් පවසා ඇත්තේ මුදල් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවයි. නමුත් ඊයේ (09) හදිසියේ ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම මුදල් වහාම අද (10) උදෑසනවනවිට පොලිසිය භාර අමාත්‍යවරයාට භාර දෙන ලෙස නියෝග කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් තමන්ට ලබාදුන් උපදෙස් පිළිබඳ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් සටහනක් ද තබා ඒ ගැන පොලිස් මූලස්ථානයට ද දැනුම් දී තිබේ.
පොලිස් මූලස්ථානයේ උපදෙස වී ඇත්තේ පොලිස්පතිවරයාගේ විමසීමකින් තොරව එම මුදල් කිසිවෙකු භාරයට පත්නොකරන ලෙසයි.