spot_img
spot_imgspot_img

ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට ලිංගික, මානසික හිරිහැර. දෙමාපිය පැමිණිලි පවා අධ්‍යාපන අමාත්‍යාංශය නොතකා හැරලා

පුවත්

විදෙස්

රජයේ අනුමත කර ඇතැයි පවසමින් පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසල්වල දරුවන් විශාල වශයෙන් ලිංගික කරදර, කායික හා මානසික කරදර හිරිහැර සහ තර්ජනය කිරීම්වලට නතු වුව ද එවැනි සිද්ධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක්  ගෙන නැතැයි විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දී තිබේ.

පසුගිය මාර්තු මස 22 වැන දින විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්නගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම වාර්තාවේ දැක්වෙන්නේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ට පාසලේ කළමනාකාරීත්වයෙන්, ගරුවරුන්ගෙන් සිදුවන එවැනි කරදර රැසක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික පාසල් අංශයට ලිඛිත පැමිණිලි ලැබී ඇති බවයි.

දෙමාපියන් එයින් තම දරුවන්ට මෙන් ම එවැනි අකටයුතුකම්වලට දරුවන් තවදුරටත් ලක්වීම වළක්වාගැනීමේ සහනයක් බලාපොරොත්තු වී ඇතත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. අධ්‍යාපන අමාත්‍යාංශය එම දෙමාපියන්ට දන්වා ඇත්තේ තමන්ට මේ සම්බන්ධව ක්‍රියාත්මක වීමට නෛතික පසුබිමක් නොමැති බැවින් එය පාසලතුළම විසඳාගත යුතු බවයි. නැතිනම් වෙනත් රාජ්‍ය ආයතනයකට දෙමාපියන් විසින් එම ගැටලුව යොමුකරන ලෙස ද දැනුම් දී ඇත.

2020 වර්ෂයේ සැප්තැම්බර් 23 වැනි දිනැතිව එක් ජාත්‍යන්තර පාසලක දරුවන්ගේ දෙමාපියන් 2,300කට අධික පිරිසක් විසින් එහි කළමනාකාරීත්වයේ අයහපත් හැසිරී‍ම හේතුවෙන් දරුවන්ට ලිංගික කරදර, තර්ජනය කිරීම්, බලය අනිසි ලෙස යෙදවීම් සහ මානසික පීඩනය එල්ලවන බවට පැමිණිලි කර තිබේ. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇති එම ජාත්‍යන්තර පාසල සම්බන්ධයෙන් රජය කිසිදු මැදිහත්වීමක් හෝ සොයා බැලීම් සිදුකර නැත.

විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ 2022 වනවිට ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර පාසල් 391ක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි වී ඇතත් ඒවායේ ඉගෙනුම ලබන දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හැකි ආකාරයෙන් පවත්වාගෙන යාමට අමාත්‍යාංශය කටයුතු නොකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!