-1.6 C
New York

මිණිමුතු මොරකුගේ සිරුරක් වෙරළට ගොඩගසයි

Published:

මියගිය, මිණිමුතු ‍මොරෙකුගේ සිරුරක් මුලතිව්, අලම්පිල් වෙරළට ගොඩගසා ඇතැයි ධීවරයෝ කියති. මෙලෙස ගොඩගසා ඇති මියගිය මෝරාගේ සිරුර අඩි 20-25ත් අතර ප්‍රමාණයක් වන බව ධීවර දෙපාර්තමේන්තුව කියයි.

වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සතකු ලෙස හැඳින්වෙන මිණිමුතු මෝරාගේ සිරුරේ ඇති තිත් හේතුවෙන් ඒ නමින් හැඳින්වේ. මෝර පවුලේ විශාලතම සාමාජිකයා ලෙස සැළකෙන මිනිමුතු මෝරා ඉංග්‍රීසි බසින් Whale Shark ලෙස හඳුන්වන අතර සත්ව විද්‍යාත්මකව Rhincoclon Typus යනුවෙන් නම්කර තිබේ.

වරකට එක් පැටවකු පමණක් බිහිකරන මිණිමුතු මෝරකු අවුරුදු 70-100ත් අතර කාලයක් ජීවත්වන බව සත්ව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. අඩි 35-40 අතර ප්‍රමාණයක් දක්වා විශාලව වැඩෙන මිණිමුතු මෝරා ලෝකයේ සිටින මෝරන් විශේෂ අතර වඩාත් විශාලතම විශේෂයයි.

ඉන්දියාව, තායිලන්තය, ඕස්ට්‍රේලියාව වටා සාගර කලාපයේ දක්නට ලැබෙන මිණිමුතු මෝරා දරුණු සත්වයකු නොවන බවත් කිමිදුම් කරුවන් දුටුවිට ආසන්නයට පැමිණෙන බවත් සාගරයේ පර්යේෂණ පවත්වන්නෝ කියති.

ශ්‍රී ලංකාවේ නීතියෙන් මිණිමුතු මෝරා මැරීම තහනම් කර ඇත.  

2019 සැප්තැම්බර් මාසයේ දී මුලතිව් අලම්පිල් වෙරළට මෝරකු පැමිණ සිටි අතර නාවික හමුදාව සහ ප්‍රදේශවාසී ධීවරයන් එක්ව එම මෝරා යළි මුහුදට යැවීමට කටයුතු කර තිබිණි.

(රොමේෂ් මධුශංක)

Related articles

Recent articles

spot_img