පිටකොටුවේ දී පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු පොලිස් වෙඩි පහරකින් අද (04) අලුයම මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉහළ විතානගේ ජෝශප් නැමැති 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දෙයි.
ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ දී අද අලුයම 4.00ට පමණ පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ඔහු මියගොස් ඇත. පොලිසිය ඔු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී යතුරුපැදියකින් පලාගිය බවත්, පොලිසිය යතුරුපැදිය ලුහුබැඳ යද්දී සැකකරු එය නවතා පොලිසියට වෙඩි තබා ඇති බව ද පොලිසිය කියයි.
පසුගිය මැයි 30 වැනි දින පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ ආසන්නයේ දී පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට මෙම පුද්ගලයා ප්‍රධාන සැකකරුවකු බව ද පොලිසිය පවසයි.