දැඩි සුළං තත්වය හේතුවෙන් අද (03) දිනයේ දී ද මුහුදේ රළ වඩාත් මීටර 2.5ත් 3.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ නැගීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන් ම බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට මිලි මීටර 100 ඉක්මවන වැසි ඇතිවිය හැකි බවත් පැවසේ.
සුළෙඟේ වේගය පැයට කිලෝ මීටර 50-60ත් අතර විය හැකි බැවින් ධීවර සහ නාවික කටයුතු වලින් ඈත්ව සිටින ලෙස ද ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමරතව ඌව සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි වාර කිහිපයක් ඇතිවීමට ඉඩ තිබේ. වැස පවතින අවස්ථාවල දී ඒවා අකුණු සහිත වීමට ද ඉඩ ඇත. එබැවින් සුළඟින්, මුහුදු රළින් සහ අකුණුවලින් සිදුවන අනතුරුවලින් ආරක්ෂාවන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.